26.7 C
Galle

ගාල්ලේ එක ගමකින් අද (19) උදේ ආසාදිතයන් 41ක් හමුවෙයි

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තුන්දූවෙන් අද (19) උදෑසන තවත් කොරෝනා ආසාදිතයන් 41 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

තුන්දූව යනු ගාල්ල දිස්ත්‍රික්කයේ සක්‍රීයව පවතින කොරෝනා පොකුරක් බව rata.lk අපි ඊයේ (18) අනාවරණය කළෙමු. එම ලිපිය මෙතැනින්.

https://rata.lk/7564/

මේ අනුව තුන්දූව කොරෝනා පොකුරෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 57ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ආසාදිතයන් වාර්තා වන්නේ තුන්දූව ගම්මානයේ පදිංචි 328 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලිනි.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ගම්මානයේ තවත් විශාල පිරිසක් පීසීආර් පරීක්ෂණ  පරීක්ෂණ මගහරිමින් සිටින බවයි. මීට පෙර එම ප්‍රදේශයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 44කින් ආසාදිතයන් 10 දෙනකු සොයා ගැණිනි.

Related articles

Recent articles

error: Content is protected !!