26.7 C
Galle

පොලිසියේ දී සැකකරුවකුට වෙඩි වදී

Published:

ගන්දර පොලිසියේ සිරමැදිරියක සිටි සැකකරුවකුට වෙඩි වැදී තුවාල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මධ්‍යා ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මත්ද්‍රව්‍ය චෝදනාවකට සැකපිට අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයකුට මෙසේ වෙඩි වැදී ඇතැයි ඔහු පවසයි. තුවාල කරු  මාතර පොලිසියට ඇතුළත්කර ඇත.

තමන් පොලිසියේ දී ගිනි අවියේ උණ්ඩු ඉවත් කිරීමට යාමේ දී ඉන් උණ්ඩයක් පිටවූ බව සිද්ධියට සම්බන්ධ සැරයන්වරයා ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්. කෙසේවෙතත් පොලිස් විනය සංග්‍රහය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි  ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

වෙඩි වැදුණු සැකකරුගේ තත්ත්වය බරපතළ නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related articles

Recent articles

error: Content is protected !!