26.7 C
Galle

කොරෝනා සෑදී ගාල්ලේ නිරෝධායනයේ සිටි අයෙක් මරුට

Published:

කොරෝනා ආසාදනය වී ආරච්චිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබා යළි නිවසට පැමිණ නිරෝධායනය වෙමින් සිටි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි පුද්ගලයකු අද (19) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

76 හැවිරිදි වියේ පසු වූ මෙම පුද්ගලයාගේ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනගොස් පීසීආර් පරීක්ෂණයකට ලක්කර ඇත. ඔහු නිදන්ගත රෝගවලින් පීඩා විඳි අයකු බවට වෛද්‍යවරාතා ඇති බව මරණ පරීක්ෂණය සිදුකරන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පැවසීය.

පීසීආර් වාර්තාව ලැබුණු පසු දේහය සම්බන්ධ තීරණය ගැනීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!