24.5 C
Galle

මහියංගනයට වැසි සමඟ මාළු පතිත වෙති

Published:

මහියංගනය විරානගම ප්‍රදේශයට වැස්සත් සමඟ මාළු වැටී ඇතැයි වාර්තා වේ.  

ඊයේ (20) උදෑසන සිට අද (21)  දහවල් දක්වා වරින් වර මෙම ප්‍රදේශයට වැස්සත් සමඟ මාළු වැටුණු බව ප්‍රදේශවාසීහු කියතිඇතැම් මසුන් කලින් දැක නොතිබූ බව ද ගැමියෝ කියති. නොමැරී සිටි මසුන් අල්ලා ජල පිරි බඳුන්වලට දැමීමට කුඩා දරුවන් උනන්ද වූ බව ද මාද්‍යවේදීන් පවසයි.

දිවයිනට බලපා තිබෙන ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම සන්සිද්ධිය ඇති වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. ජලශවල සිටින මාළුන් මෙලෙස ටොනාඩෝවක් ලෙස ඇදී යන්න ඇති බවත් ඔවුන් පසුව වැස්ස සමඟ ඇද වැටෙන්නට ඇති බවත්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණනායක පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!