24.5 C
Galle

උසස් පෙළ පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? තීරණය හෙට

Published:

උසස් පෙළ විභාගයට නව සහ පැරණි විෂය නිර්දේශවලින් පෙනී සිට සමත් වූ සිසුන් විශ්වවිද්‍යාලවලට අතුළත් කරගැනීම සඳහා වන ක්‍රමවේදය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්නම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෙට (23) දිනට කල් තබන ලදී.

මෙම පෙත්සම සිසුන් 42කු විසින් ගොනුකර තිබිණි. පෙත්සම විභාග කරන්නේ ද නැතිනම් එය ප්‍රතික්ෂේප කරනවා ද යන්න හෙට තීරණය වනු ඇත.

බුවනෙක අළුවිහාරේ, එල්.ටී.ඩී. දෙහිදෙණිය සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

Related articles

Recent articles

error: Content is protected !!