24.5 C
Galle

අටලුගම සිට රැගෙන ගිය ආසාදිතයන් පොලිස් මුරපොළ හා අවට කෙළ ගසමින් ගිහින්

Published:

ප්‍රතිකාර මධ්‍යස්ථානක් සඳහා පසුගිය (20) වැනි දා රාත්‍රී රැගෙන යමින් සිටි පිරිසක් පොලිස් මුරපොළක් අසළ දී සහ ඒ ආසන්නයේ දී සංවිධානාත්මකව කෙළ ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සෞඛ්‍ය අංශ දැනුම්වත් කරමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම ආසාදිතයන් පිරිස අටලුගම සිට බස් රථ දෙකකින් කෝපායි හා පූනානි ප්‍රදේශවල පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ගෙන යමින් සිටිය දී මෙලෙස හැසිරී තිබේ.

පොලිසිය පවසන්නේ ඔවුන් අටලුගම අලොතියාව පොලිස් මුරපොළ අසළ අවශ්‍යතාවකට බස් රථ නැවතූ අවස්ථාවේ දී බස්රථ දෙපස කවුළු විවෘතකර කෙළ ගැසූ බවයි. මේ හේතුවෙන් පොලිස් නිලධාරීන්, ඔවුන් රැගෙන ගිය ආරක්ෂක සාමාජිකයෝ මෙන්ම ප්‍රදේශවාසී ජනතාව දැඩි අපහසුතාවකට ලක්ව සිටිති. ඔවුන් ඒ ආසන්න ප්‍රදේශයේ මග දිගටම කෙළ ගසා ඇති බව වාර්තා වේ.

මීට පෙර අටලුගම ප්‍රදේශයේ ආසාදිතයකු මහජන පරීක්ෂවරුන්ට කෙළ ගැසීමේ සිද්ධියක් ද වාර්තා විය.

Related articles

Recent articles

error: Content is protected !!