24.5 C
Galle

අධිවේගී මාර්ගයේ යන අයටත් අහඹු ප්‍රතිදේහ පරීක්ෂණ

Published:

බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයන් සඳහා අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව හෙට (23) සිට ස්ථාන 11ක දී සිදුකරන බව පොලිස් මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මේ වනවිට ස්ථාන 04ක දී එම පරීක්ෂාව සිදුකරමින් තිබේ. මෙලෙස කරන ලද පරීක්ෂණවල දී දැනටමත් ආසාදිතයන් 11 දෙනකු හඳුනාගෙන ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අධිවේගී මාර්ගය ඔස්සේ යන පිරිස් ද අහඹු පරීක්ෂාවට ලක්කිරීම සඳහා ස්ථාන කිහිපයක් ස්ථාපිත කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!