24.5 C
Galle

බ්‍රිතාන්‍යයේ සිට ගුවනින් ඒම නවතා දමයි

Published:

එක්සත් රාජධානියේ සිට මෙරටට ගුවන්යානා පැමිණීම හෙට (23) අළුයම 2.00 සිට නවතා දැමීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එහි සභාපති උපුල් ධර්මදාස කියා සිටියේ කොරෝනා වයිරසයේ නව බ්‍රිතාන්‍යයේ පැතිර යාමත් සමග ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බවයි. 
ශ්‍රී ලංකන් ගුවන් සේවය අයත්  ගුවන් ගමන් ඉදිරි දිනවලදී සිදු නොවුණ ද වෙනත් වාණිජ ගුවන් සේවා සමාගම් විසින්  සැලිකිය යුතු ප්‍රමාණයකින් බ්‍රිතාන්‍යයේ සිට ගුවන් මගීන් රැගෙන එන හෙයින් , සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවද උපුල් ධර්මදාස කීවේය.  
 
ඒ අනුව හෙට (23) අලුයම 2.00 සිට බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලු ගුවන් යානා මෙරටට පැමිණීම අත්හිටවූ බවද හෙතෙම පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!