ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් දී තිබිය දී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පුද්ගලික සේවයේ යෙදුණු වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
නාවලපිටිය උලපනේ නගරයේ මෙම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පිහිටා තිබිණි. එය වසා දමන ලද්දේ නාවලපිටියනව කුරුඳුවත්ත මහජන සෞඛය පරීක්ෂකවරු විසිනි.
මෙම වෛද්‍යවරයා නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් බැවින් දින 14ක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබිණි. එසේ නිරෝධායනය විය යුතු වුව ද සෞඛ්‍ය උපදෙස් නොතකා ඔහු මෙලෙස රෝගී සත්කාර සේවා පවත්වාගෙන ගොස් තිබිණි.


