24.5 C
Galle

ඇහැළියගොඩ ආසාදිතයන් ගණන තවත් ඉහළට

Published:

ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව ආසාදිතයන් 27 දෙනකු අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 336ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද වාර්තා වූ ආසාදිතයන් අතර ඇහැළියගොඩ දිවුරුම්පිටිය ඇඟළුම් ආයතනයක මින් ඉහත හඳුනාගත් ආසාදිතයන්ගේ සමීපතමයන්, ඇහැළියගොඩ නගරයේ වෙළඳ සැල් සේවකයකු හා ඇහැළියගොඩ බදුවත්ත ප්‍රදේශයේ ලොතරැයි අළෙවි කළ කාන්තාවක් ද සිටින බව සෞඛය අංශ පවසයි.

ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායයට යොමු කිරීමට මේ වනවිට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!