25.5 C
Galle

ආදාහනය නොකර කරාපිටියේ තැබූ මළ සිරුරේ තවමත් කොරෝනා වයිරසය

Published:

කොරෝනා ආසාදනය වී මියගිය ද ආදාහනය කිරීමට ඥාතීන් විරුද්ධ වී අධිකරණයට ද කරුණු වාර්තා කර මුස්ලිම් ජාතිකයකුගේ මළ සිරුරේ තවමත් කොරෝනා වයිරසය සක්‍රීයව තිබෙන බව රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා පවසයි.

මේ බව සනාථ වී ඇත්තේ අද (22) දෙවැනි වරටත් කරන ලද පීසීආර් පරීක්ෂණයකිනි. විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ පසුගිය 19 වැනි දින උදය වරුවේ බවයි. මියගිය සිරුරක ද කොරෝනා වයිරසය සක්‍රීය මට්ටමේ පවතින බවට අද (22) සිදුකළ පීසීආර් පරීක්ෂණයෙන් ද සනාථ වන බව ද හෙතෙම පවසයි.

මේ අනුව මෙම මළ සිරුර තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ගැනීම බරපතල ගැටලුවක් බවත් වෛද්‍යවරයා කියා සිටියේය. මෙම සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විච්ඡේදනය කර තිබේ. වෛද්‍යවරු පෙන්වාදෙන්නේ එය තවදුරටත් රෝහලේ තබාගැනීමෙන් අධිකරණ වෛද්‍ය අංශයේ කාර්යමණ්ඩලය හා වෛද්‍යවරු පවා අවදානනම් තත්ත්වයකට පත්ව ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!