24.5 C
Galle

මළ සිරුරු ගැන තීරණය ගැනීමේ කමිටුව අද රැස්වෙයි

Published:

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු අනිවාර්යයෙන් ම ආදාහන කළ යුතුයැයි රජය ගෙන ඇති තීරණය නැවත සළකා බැලීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුව අද (23) රැස්වීමට නියමිතව ඇත.

කොරෝනා ආසාදිත මළ සිරුරු භූමදාන කරන්නේ ද නැතිනම් ආදාහනය සඳහා පමණක් යොමු කරන්නේ ද යන්න පිළිබඳ කඩිනමින් තීරණය කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විසින් මේ කමිටුවට දැනුම් දී තිබිණි.

මෙම කමිටුවේ තීන්දුව ලැබෙන තුරු ඒවා කන්ටේනර් ශීතාගාරතුළ තැන්පත් කිරීමට ද කටයුතු කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!