24.5 C
Galle

කොරෝනා ආසාදිතයන් ඊයේ වැඩිම කළුතරින්

Published:

කොරෝනා ආසාදිතයන් 428 දෙනකු ඊයේ (22) දිනයේ දී වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 193කි.

කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගෙන් ද වැඩිම ප්‍රමාණය වූ 162ක් වාර්තා වී ඇත්තේ අටළුගම ගම්මානයෙන් වීම විශේෂත්වයකි. මේ අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,876 දෙනෙකි.

ඊයේ දිනයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 101ක් වාර්තා වී ඇති අතර මේ වනවිට කොළඹින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 16,311කි. කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 03 දෙනකු පමණි.

Related articles

Recent articles

error: Content is protected !!