24.5 C
Galle

පානදුරේ ඇඟළුම් හළක් වසා දමයි. අලුත් පොකුරක් ?

Published:

පානදුර – හොරණ මාර්ගයේ පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවක කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ එම කර්මාන්තශාලාව වසා දමා තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

එහි සේවකයින් 80 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

එම කර්මාන්තශාලාවේ කාන්තාවකට පැවති උණ රෝගී තත්වයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයෙන් පසු ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග කර්මාන්තශාලාවේ අනෙකුත් සේවකයින්ව ද PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. එහි සේවක සේවිකාවන් දහසකට වැඩි පිරිසක් සිටිති.

ආසාදිත බව තහවුරු කරගත් පිරිස ගිරිඋල්ලේ පිහිටුවා ඇති විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යවා ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන්ට නිවෙස්වලම නිරෝධායනය වන ලෙස උපදෙස් දී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!