25.5 C
Galle

ගාල්ලෙන් ආසාදිතයන් 18 ක් අද වාර්තා වූ ප්‍රදේශ

Published:

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (23) කොරෝනා ආසාදිතයන් 18 දෙනකු වාර්තා වී තිබේ. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 07 දෙනෙකි. බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 05ක් හා ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 03 දෙනකු බැගින් වාර්තා වී ඇත. ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්, ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයනේ හා රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් ආසාදිතයකු බැගින් වාර්තා වී ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ආසාදිතයන් රෝහල් ගතකිරීමටත් ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමටත් කටයුතු කළ බවයි.

මෙම ආසාදිතයන් 18 දෙනා සමඟ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 432ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!