28.1 C
Galle

විශ්වවිද්‍යාල සිසුහු කාලගුණ බැලූන් යවති

Published:

විශ්වවිද්‍යාල 18ක සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් වායුගෝලයේ සංඝටක දත්ත ලබා ගැනීම සඳහා අත්හදාබැලීමේ බැලූනය්ක අද ගුවන්ගත කෙරිණි.

දඹුල්ලේ ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රීඩාගංණයේ දී මෙම බැලුනය ගුවන්ගත කෙරුණු අතර එමගින් වායුගෝලයේ ඇති විවිධ සංඝටකවල දත්ත මෙන්ම කාලගුණීක දත්ත ලබාගැනීමට අපේක්ෂිතය

මේ දක්වා කාලගුණ වාර්තා සඳහා ලබාගන්නේ 1950 වර්ෂයේ දී යොදාගත් තාක්ෂණික උපක්‍රම අනුව බවත පවසන විශ්වවිද්‍යාල සිසුන් පෙන්වා දෙන්නේ මෙම නව තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක වුවහොත් ඉන් විශාල තොරතුරු රැසක් නිවරදිව ලබාගත හැකි බවයි.

ඔවුන් පවසන්නේ මෙම බැලුනය කිලෝ මීටර 35-40ක් දක්වා ඉහළට ගමන් කරන බවයි. ඉන් පසු ඉහළ අහසේ දී බැලූනය පුපුරා ගොස් එහි ඇති පැරෂුටයක් මගින් අහසේ රැඳී තිබෙන බවත් තොරතුරු සියල්ල පොළොවට සම්ප්‍රේෂණය කරන බවත් ඔවුන් පෙන්වා දෙයි. මෙමගින් කාලගුණ දත්ත ලබාගැනීමට අමතරව වාන්නතර ඝනත්වය පිළිබඳ තොතුරු ලබාගැනීම හා අලින්ගේ හැසිරීම පිළිබඳ තොරතුරු ලබාගැනීමත් සිදුකිරීමට අපේක්ෂිතය.

(ඡායාරූප – කාංචන කුමාර ආරියදාස)

Related articles

spot_img
error: Content is protected !!