28.1 C
Galle

ගාල්ල දිස්ත්‍රික්කයේ අද ආසාදිතයන් 20ක් හමුවූ ප්‍රදේශ

Published:

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (26) දිනයේ කොරෝනා ආසාදිතයන් 20 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 12කි. බෝපේ පෝද්දල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 04 දෙනකු වාර්තා වී ඇති අතර ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 02 ක්, රත්ගම හා බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ආසාදිතයන් එක් අයකු බැගින් වාර්තා වී ඇත.

අද (26) දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 20 සමග ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 467ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!