27.8 C
Galle

වව්නියාවේ කොරෝනා මරණයක්. වෛද්‍යවරු ඇතුළු 23ක් නිරෝධායනයට

Published:

වව්නියාව රෝහලට පැමිණි කාන්තාවක කොරෝනා ආසාදනය වී මියයාම හේතුවෙන් රෝහලේ වෛද්‍යවරු පස් දෙනකු ඇතුළු 23 දෙනකු නිරෝධායනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව, උළුක්කුලම ජන උදාගම්මානයේ පදිංචි කාන්තාවකි. ඇය උණ රෝගයක් හේතුවෙන් රෝහල්ගත වී සිටි අතර පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඇය කොරෝනා ආසාදිත බවයි. එම කාන්තාව පසුව මියගොස් තිබේ.

මෙම කාන්තාව මියයාමෙන් පසු ඇයට ප්‍රතිකාර කළ දැඩි සත්කාර ඒකකයේ  ශල්‍ය වෛද්‍යවරයකු ඇතුළු වෛද්‍යවරු පස් දෙනකු, හෙද කාර්ය මණ්ඩලයේ හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ද ඇතුළු 23 දෙනකු මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!