27.8 C
Galle

වන අලියෙක් පොලිස් වෙඩි තැබීමෙන් මරුට

Published:

කහටගස්දිගිලිය පොලිසියේ වෙඩි තැබීමකින් අද (27) වන අලියකු මිය‌ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරීන් පවසයි.

මෙම අලියා මියගොස් ඇත්තේ මුස්ලිම් නෙලුගොල්ලාකඩ ගම්මානයේ දී ය. එම ගම්මානයට කඩා වැදුණු අලියා බෝග වගාවන්ට හා දේපළවලට හානි කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව කහටගස්දිගිලිය පොලිසියේ නිලධාරීන් එහි ගොස් තිබිණි. ඒ අවස්ථාවේ දී අලියා බියගන්වා පළවාහැරීම සඳහා අහසට වෙඩි තබා ඇත. වන අලියා ඉන් වඩාත් දරුණු වී පොලිස් ජීප් රථයට ද පහරදීමට උත්සාහ කරන ලද බව කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්.උඩුමලගල පවසයි.

මේ අවස්ථාවේ දී ප්‍රදේශවාසීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහ පොලිස් නිලධාරීන් විසින් වන අලියාට එල්ල කළ වෙඩි පහරකින් අලියා මියගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අනුරාධපුර කාර්යාලයේ නිලධාරීන් හා කහටගස්දිගිලිය පොලිසිය විසින් පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!