27.8 C
Galle

මදුරු දැල් කොක්කේ එල්ලුණු සිසුවා රෝහලට ගෙන යනවිටත් මියගිහින්

Published:

නිවසේ මදුරු දැල එල්ලන කොක්කක රෙදි කැබලි දෙකකින් එල්ලෙමින් සිටි 12 හැවිරිදි දරුවකු ඔහුගේ මව විසින් අද (27)  රෝහලට ගෙන එන විට මියගොස් සිටි බව පිළියන්දල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කැස්බෑව තානායම පාර පදිංචි කවින් සඳරු විජේවර්ධන නමැති දරුවෙකි.

පියා රැකියාවට ගොස් සිටිය දී මව එම 12 හැවිරිදි දරුවා සහ සය හැවිරිදි දැරිය නිවසේ තබා වෙළෙඳ සැළට ගොස් ඇත. මව පවසන්නේ තමන් නිවට පැමිණි අවස්ථාවේ මියගිය පුතා පෙනෙන්නට නොසිටි බැවින් දියණියගෙන් ඔහු ගැන විමසූ විට අයියා හැංගී ඇතැයි කියූ බවයි. ඉන් පසු දරු දෙදෙනාට වෙන්කර ඇති කාමරයට පැමිණ බලද්දී ඔහු මදුරු දැල් එල්ලන කොක්ගේ එල්ලෙමින් සිටි බව ඇය පොලිසියට පවසා තිබේ.

වහාම දරුවා එයින් ගලවාගෙන රෝහලට ගෙන ගිය ද එහී යනවිටත් දරුවා මියගොස් සිටි බව වෛද්‍යවරු නිගමනය කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!