27.8 C
Galle

පොලිසිය සැකකරුවකු සමග මෙහෙයුමකට ගිහින් සැකකරු මරුට

Published:

පුද්ගලයකුගේ අත් පා වෙන්වන ලෙස කපා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ලයකු අද (28) උදෑසන වෙනත් වෙනත් කාර්යයක් සඳහා රැගෙන ගොස් සිටිය දී සිදුවූ සිද්ධීයකින් මරුමුවට පත්ව ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ බාඳුරාගොඩ පදිංචි නශාන්ත කුමාරසිරි නමැති 37 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පසුගිය 19 වැනි දා වේයන්ගොඩ මාළිගාතැන්න ප්‍රදේශයේ දී පුද්ගලයකුගේ අත් පා වෙන්වන අයුරින් කපා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ ඔහු මංකොල්ලකෑම් කිහිපයකටත් සැකකරුවකු බවයි. පෑළියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් මෙම සැකරකු අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම පුද්ගලයා අද අලුයම යම් මෙහෙයුමක් සඳහා පොලිසිය විසින් රැගෙන ගොස් ඇති බවත් වේයන්ගොඩ පොලිස් වසමේ හල්ගම්පිටියේ දී ඇතිවූ සිද්ධියකින් පසු සැකකරු රෝහල්ගත කිරීමට සිදුවූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඔහු රෝහල්ගත කරන විට මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයි ද ඔහු කීවේය. එම සැකකරු විසින් කරන ලද ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරියකු ද තුවාල ලබා ඇති බව පැවසේ.

Related articles

spot_img
error: Content is protected !!