26.9 C
Galle

හිමියන් දුම්රියට පැන්නා ද? දුම්රියේ ගැටුණා ද?

Published:

හික්කඩුව කහව ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී අපවත් වූ තිස් හැවිරිදි බෞද්ධ හිමිනම සියදිවි නසාගත්තා ද නැතිනම් කිසියම් හේතුවක් නිසා දුම්රියේ ගැටුණා ද යන්න සොයාගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කොළඹ සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඊ‌යේ (28) රාත්‍රී මේ හිමිනම ගැටී තිබිණි.

මෙලෙස අපවත් වී ඇත්තේ ඇල්පිටිය ගණේගොඩ විහාරාධිකාරී පිතුවල සාරද නමැති හිමි නමකි.

දේහය සම්බන්ධ මරණ පරීක්ෂණය අද (29) සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!