26.9 C
Galle

නිලධාරීන් පළාත් සභා ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි

Published:

පළාත් සභා අදටත් ක්‍රියාතම්ක වන බවත් නමුත් එයට විරුද්ධ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි. එහි දී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“පළාත් සභා ක්‍රමය අදටත් ක්‍රියාත්මකයි. කවරු හරි කියනවානම් පළාත් සභා නැහැ කියලා ඒක බොරුවක්. ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතවරුන්ගෙන් ක්‍රයාත්මක විය යුතු පළාත් සභාව දැන් ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුකාරවරු සහ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් පමණයි. එය ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි.

පළාත් සභා තියාගන්නවා ද නැද්ද කියන එක වෙනම කාරණයක්. නමුත් අදටත් වලංගු පළාත් සභා ක්‍රමය සඳහා මහජන නියෝජිතවරු පත්කරගත යුතුය කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

Related articles

spot_img
error: Content is protected !!