26.9 C
Galle

නිදහස් අධ්‍යාපනයේ පියාට උපහාර පිණිස නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් හදයි

Published:

නිදහස් අධ්‍යාපනයේ පියා යැයි විරුදාවලිය ලැබූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරට උපහාරයක් ලෙස කළුතර දිස්ත්‍රික්කය සඳහා කන්නන්ගර නුවර නමින් නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බිහිකිරීමට තිරණය කර තිබේ.

මේ සඳහා අවශ්‍ය මූලික කටයුතු ඉත්තෑපාන හල්වල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර විද්‍යාලයේ දී පැවැත්විණි. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ඇතුළු විවිධ පුරවැසි සංවිධාන රැසක සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් කන්නන්ගර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ඒ පිළිබඳ වූ මූලික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ග්‍රාම නිලදාරී කොට්ඨාස 27ක් එක්කරමින් මෙම නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ස්ථාපිත කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!