26.9 C
Galle

ගිංතොට කොරෝනා පොකුරක් ?

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (29) තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම පිරිසෙන් 11 දෙනකු ම වාර්තා වී ඇත්තේ ගිංතොට ප්‍රදේශයෙනි. ඒ වැලිපිටිමෝදරින් 06 දෙනෙක් සහ මහ හපුගලින් 05 දෙනකු වශයෙනි.

අනෙක් ආසාදිතයා උක්වත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පදිංචිකරුවෙකි. ඔහු පසුගිය දා එම ප්‍රදේශයේ මළ ගෙදරක දී කොළඹ සිට පැමිණි පසුව කොරෝනා බව හඳුනාගත් පුද්ගලයකුගේ ආශ්‍රිතයෙකි.

සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය දින කිහිපයේ ම ගිංතොට වැලිපිටිමෝදර හා ඒ ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් හමුවූූ බැවින් එම ප්‍රදේශයෙන් සක්‍රීය කොරෝනා පොකුරක් මතුවෙමින් පවතින බවයි.

Related articles

spot_img
error: Content is protected !!