26.9 C
Galle

ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව දිවියෙන් සමුගනී

Published:

ශ්‍රී ලංකවේ වයස්ගතම කාන්තාව වේළු පප්පානි අද (29) සවස කළුතර නාගොඩ රෝහලේ දී මියගියාය.

1903 මැයි මස 03 වැනි දින උපත ලබා සිටි ඇය මියයන විට වයස අවුරුදු 117 මාස 07 දින 26ක් වයස වූවාය. ඇය කළුතර නෑබඩ ක්ලොල්ඩන් වත්තේ, හෙදරලිය කොටසේ ජීවත්වූවාය. ඇයගේ පියා දෙමළ ජාතිකයකු වන අතර මව සිංහල ජාතික කාන්තාවකි.

දෙමළ හා සිංහල භාෂා දෙකම හොඳින් කතා කළ හැකි පප්පානිට දුවෙක් සහ පුතෙක් සිටිය ද ඔවුන් කෙහේ සිටී දැයි ඇය දන්නේ නැත.

ඇය බලා කියා ගත්තේ මාලා ලෙච්චමී (68) සහ තංගයියා නම් යුවළයි.

Related articles

spot_img
error: Content is protected !!