26.9 C
Galle

දකුණු පළාතේ ආසාදිතයන් 939ක්. ඔවුන් වාර්තා වූ ප්‍රදේශ

Published:

දකුණු පළාතෙන් ඊයේ (29) දිනයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 56 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 939ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි.

එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසන්නේ ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 522ක්, මාතර දිස්ත්‍රිකයේ ආසාදිතයන් සංඛ්‍යාව 341ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 76ක් වාර්තා වී ඇති බවයි.

අලුතින් වාර්තා වූ ආසාදිතයන් 56දෙනා අතරින් ආසාදිතයන් 30දෙනකුම වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ඔවුන්ගෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 24කි. බලපිටියෙන් ආසාදිතයන් 04දෙනකු වාර්තා වන අතර හබරාදුවෙන් හා රත්ගමින් එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වේ.

මාතර දිස්ත්‍රික්කයේ අලුතින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 25ක් වන අතර ඔවුන්ගෙන් 10දෙනකු දික්වැල්ලෙන්, 05 දෙනකු වැලිපිටියෙන්, 04 දෙනකු වැලිගමින් සහ ආසාදිතයන් 02 ක් කඹුරුපිටියෙන් වාර්තා වේ.  දෙවිනුවර, මාතර, පස්ගොඩ සහ තිහගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් එක් ආසාදිතයකු බැගින් හමුවී ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගියා අඟුණුකොළපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්  හමුවී තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!