27 C
Galle

කොරෝනා වයිරසය සමඟ කොළඹින් පිට වූ පිරිසක් මීරිගම දී හමුවෙති

Published:

බස්නාහිරින් පිටවීමට ගිය පුද්ගලයන් සඳහා අද (30) පෙරවරුවේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිත පුද්ගලයන් 11 දෙනකු හඳුනාගත් බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කොළඹ මහනුවර මාර්ගයේ දන්ඕවිට දී කරන ලද පරීක්ෂණවල දී 10 දෙනකු හඳුනාගෙන ඇති අතර කොළඹ කුරුණෑගල මාර්ගයේ හද්දාමුල් හන්දියේ සිදුකරන පරීක්ෂණවල දී තවත් ආසාදිත පුද්ගලයකු හඳුනාගෙන ඇත.  

මෙම එකොළොස් දෙනා හඳුනාගෙන ඇත්තේ පරීක්ෂාවට ලක් කෙරුණු 250ක පිරිස අතරිනි . හමුවූ ආසාදිතයින් රෝහල්ගත කිරීමට පියවර ගැනිණි.

Related articles

spot_img
error: Content is protected !!