27 C
Galle

මත්ද්‍රව්‍ය සමඟ ගාල්ලේ දී ඇල්ලූ බෝට්ටුවෙන් මහා ජාවාරමක සුළමුල හෙළි වේ

Published:

ගාල්ල වරාය ආසන්නයේ දී අද (31) අත්අඩංගුවට ගත් යාත්‍රාවේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5900ක් සහ හෙරොයින් ග්‍රෑම් 2100ක් තිබූ බව ආරක්ෂක අංශ පවසයි.

යාත්‍රාවේ සිටි එක් අයකු පැන ගොස් ඇති අතර හතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, නුවරඑළිය, දෙවුන්දර සහ පානම පදිංචිකරුවන් 04 දෙනෙකි. යාත්‍රාවේ ප්‍රධානියා පළා ගොස් ඇති අතර ඔහු දෙවුන්දර පදිංචිකරුවකු බව ද මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.  

හලාවත සිට පැමිණි මෙම යාත්‍රාව මහ මුහුදේ දී ඉරාක නැවකින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එය විවිධ ස්ථානයන්ට බෙදා දෙමින් පැමිණි බවත් මෙම තොගය හික්කඩුවේ පිරිසකට ලබාදීමට පැමිණි බවත් අනාවරණය වී තිබේ. මෙම පිරිස තවමත් නාවික හමුදාව භාරයේ සිටින අතර අද (31) සවස ඔවුන් පොලිසියට භාර දුන් පසු අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!