27 C
Galle

ගාල්ලේ කම්කරු කාර්යාලය තාවකාලිකව වසා දමයි

Published:

ගාල්ල කම්කරු කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවීම හේතුවෙන් එම කාර්යාලය අද (31) තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

තලාපිටියේ පදිංචි එම සේවකයාගේ බිරිඳ ගාල්ල කොටුවේ ඇඟළුම් නිෂ්පාදන ආයතනයක සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වී ඇත. බිරිඳ ආසාදිත වීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මෙම සේවකයා ආසාදිත බව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

කම්කරු කාර්යාලයේ ඔහු සමඟ සම්බන්ධ වූ අනෙක් පිරිස් නිරෝධායනයට යොමුකර කාර්යලය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව එය යළි විවෘත කිරීමට කටයුතු කරන බව ද එම කාර්යාලයේ ප්‍රකාශකයකු කී‌වේය.

Related articles

spot_img
error: Content is protected !!