27 C
Galle

රුපියල් 20 නව සමරු කාසිය රුපියල් 1300යි

Published:

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20 සමරු කාසියක් නිකුත් කර ඇති අතර එය අද (31) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ලක්ෂ්මන් මහතා විසින් පිරිනමනු ලැබීය.

මෙම සමරු කාසි 3000ක් පමණක් නිකුත්කර ඇති අතර දශක හත සංකේතවත් කරමින් එම කාසියේ වටේ දාරය කොටස් හතකින් යුතු වන ආකාරනේ නිර්මාණය කර තිබේ.

ඇළුමිනියම් හා ලෝකඩ මිශ්‍රව නිපදවා ඇති මෙම කාසි මහ බැංකු මූළස්ථානයෙන් සහ මහ බැංකුවේ දිස්ත්‍රික් ශාඛාවලින් මිලදී ගත හැකි අතර රුපියල් 20.00 වටිනාකමින් යුතු එක් සමරු කාසියක මිල රුපියල් 1300.00 කි.

Related articles

spot_img
error: Content is protected !!