26.4 C
Galle

යුක්‍රේනයෙන් ආ 17කට කොරෝනා

Published:

යුක්‍රේනයෙන් මෙරටට පැමිණි සංචාරකයන් අතරින් 17 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අද (31) දහවල්වන විට වාර්තා වූ කොරෝනා ආසාදිත යුක්‍රේන සංචාරකයන් සංඛ්‍යාව 11ක් වූ අතර සවස ලැබුණු වාර්තා අනුව තවත් 06 දෙනකු ආසාදිත බව තහවුරු වී ඇතැයි පැවසේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත සංචාරක අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම සංචාරකයන්ගෙන් කොරෝනා පිටතට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා “සංචාරක බුබුළු” ක්‍රමය භාවිතා කරයි. සංචාරක අමාත්‍යාංශය පැවසුවේ මෙ “සංචාරක බුබුළු” ක්‍රමයට ඉදිරියේ දී සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට සැළසුම් කර ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!