24.7 C
Galle

ගාල්ලෙන් තවත් කොරෝනා මරණයක්. නිවසේ දී ම මියගිහින්

Published:

ගාල්ල ගිංතොට නිවසක දී මියගිය පුද්ගලයකුගේ මරණය කොරෝනා හේතුවෙන් සිදුවූ බව අද (02) තහවුරු වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර පවසයි.  

මියගොස් ඇත්තේ ගිංතොට, මහහපුගල, පොල්දූව වත්තේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඊයේ (01) නි‍වසේ දී මියගොස් සිටි අතර සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ ගෙනවිත් පීසීආර් පරීක්ෂණයක් සිදුකළ බව නාගරික හදිසි මරණ පරීක්ෂක එන්.ජී.බී.කරුණාතිලක මහතා පවසයි. එම පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

‍දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර විසින් සිදුකිරීමට නියමිතව ඇත. විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුගේ මරණයට කොරෝනා වසංගතයට අමතරව වෙනත් රෝග බලපා ඇත්ද යන්න තීරණය කළ හැකි බවයි.

මෙම මරණය කොරෝනා ආසාදනයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ සිව්වැනි මරණයයි.

Related articles

Recent articles

error: Content is protected !!