24.7 C
Galle

බස්නාහිර මාළු හා එළවළු වෙළෙන්දන් පරීක්ෂාවට

Published:

බස්නාහිරි පළාතේ මත්ස්‍ය හා එ‍ළවළු අළෙවිකරන ස්ථානවල ඉදිරි දින කිහිපයේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (01) එවැනි වෙළෙඳ ස්ථානවල සිටින පුද්ගලයන් 157 දෙනකු සඳහා කරන ලද ඇන්ටිජන් පරික්ෂවකින් ආසාදිතයන් 03 දෙනකු ආසාදිත බව වාර්තාවීම හේතුවෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ එවැනි මාළු වෙළෙඳාම් කරන ස්ථාන 581ක් ඇති බවයි. මේ හේතුවෙන් බස්නාහිර පළාතේ මාළු හා එළවළු වෙළෙඳථනවල අහඹු ලෙස පරික්ෂණ පවත්වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

Recent articles

error: Content is protected !!