24.6 C
Galle

කොළඹින් හා කළුතරින් කොරෝනා මරණ දෙකක්

Published:

කොරෝනා ආසාදනය හේතුවෙන් සිදු වූ මරණවලින් තවත් මරණ දෙකක් පිළිබඳ නිල නිවේදනය ඊයේ (03) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගොස් ඇත

වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් කළුතර මහ රෝහලේ සිට කොරෝනා ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී ඊයේ මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර හෘද ආසාදනයක් හා කොරෝනා නියුමෝනියා තත්ත්තවයයි.

කො‍ළඹ 15 පදිංචි 76 හැවිරිදි කාන්තාක් කොළඹ ජාතික රෝහලේ සිට කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු හෝමාගම රෝහලට මාරුකර යවා ඇති අතර එම රෝහලේ දී ඊයේ (03) මියගොස් ඇත. මරණයට හේතුව දැක්වෙන්නේ කොරෝනා නියුමෝනියාව හා හෘධ රෝගී තත්ත්වය සහ අපස්මාරයයි.

Related articles

Recent articles

error: Content is protected !!