24.6 C
Galle

යුක්‍රේන සංචාරකයන්ගේ පොළොන්නරු සීගිරි ගමන නවතී

Published:

යුක්‍රේන සංචාරකයන්ගේ පොළොන්නරු හා සීගිරි සංචාරය අවලංගු කර දමා ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

එම සංචාරකයන් අද (04) සවස 1.00ට පොළොන්නරුව පැරණි නගරය සහ හෙට (05) උදය වරුවේ සීගිරිය නැරඹීමට කලින් සැළසුම් කර තිබිණි. මේ හේතුවෙන් පොළොන්නරුව පැරණි නගරය අද සවස් කා‍ලයෙත් සීගිරිය හෙට පෙරවරුවේත් දේශීය සංචාරකයන් සඳහා විවෘත නොකිරීමට ද තීරණය  ගෙන තිබිණි.

යුක්‍රේන සංචාරකයන්ගේ මෙම ගමන අත්හිටුවනු ලැබුවේ කවර හේතුවෙක් නිසා දැයි මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

Recent articles

error: Content is protected !!