24.6 C
Galle

දකුණේ අනියම් කම්කරුවෝ පාරට බසිති

Published:

තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා දකුණේ පළාත් පාලන ආයතනවල සේවකයෝ පිරිසක් අද (04) දහවල් ගාල්ල ලබුදූව දක්ෂිණපාය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.

ඔවුන් පවසන්නේ අනියම් සනීපාරක්ෂක කම්කරුවන් ලෙස දීර්ඝ කාලයක සිට සේවය කරන බවයි. දකුණු පළාත් සභාවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ගේට්ටු අවහිර කරමින් සහ ගාල්ල මාපලගම මාර්ගය හරස්කරමින් ඔවුහු මෙම උද්ඝෝෂණයේ නිරතවූහ.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ ඔවුන්ට සාකච්ඡාවක් ලබාදෙන බව පැවසීමෙන් අනතුරුව ඔවුහු විසිර ගියහ.

Related articles

Recent articles

error: Content is protected !!