24.6 C
Galle

අතුරුදන් වූ හිමිගේ දේහය මිනී වළක් මත දැවෙමින් තිබිය දී හමුවෙයි

Published:

හංවැල්ල තුම්මෝදර කෙඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිල ධම්මිස්සර හිමියන්ගේ දේහය කොටදෙණියාව ‍නවාන පොදු සුසාන භූමියේදී දැවෙමින් තිබිය දී සොයාගත් බව පොලිසිය පවසයි.

මෙම සුසාන භූමියේ මිනී වළක් මත නාදුනන මළ සිරුරක් දැවෙමින් තිබෙන බවට කොටදෙණියාව පොලිසියට ලැබුණු තොරතුරක් මත කරන ලද පරීක්ෂණයෙන් ඒ බව අනාවරණය වී ඇත. දැවෙමින් තිබූ සිරුර උඩුවිල ධම්මිසර හිමියන්ගේ බව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ගල්නෑවේ සිරිධම්ම හිමියන් විසින් හඳුනාගෙන තිබේ.

පසුගිය දෙවැනි දා රාත්‍රියේ ආරණ්‍ය සේනාසනයට කඩා වැදුණු දස දෙනෙකුට වැඩි පිරිසක් විසින් ධම්මිස්සර හිමියන්ට පොලුවලින් පහර දී වෑන් රථයක දමාගෙන ගිය බවට පොලිසිය පැමිණිලි කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි හංවැල්ල පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ හිමියන්ගේ දේහයේ මුහුණ දැඩි ලෙස පිලිස්සී තිබූ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!