24.6 C
Galle

අටලුගම ආසාදිතයන් පාලනය පල්ලෙකැලේ හමුදා නිලධාරීන්ට

Published:

කොරෝනා ආසාදනය වී පොල්ගොල්ල ජාතික අධ්‍යාපන පීඨයේ විශේෂ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රඳවා සිටින අටළුගම පදිංචිකරුවන් පිරිසක් කළහකාරී ලෙස හැසිරීම පාලනය කිරීමට යුද හමුදාවේ සහය ලබාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පිරිස එම මධ්‍යස්ථානයේ උඩුමහලේ සිටිමින් බිමට කෙළ ගසමින් සෞඛ්‍ය උපදෙස් නොතකා වෛරී සහගත ලෙස හැසිරෙන බව සෞඛ්‍ය අංශ කියයි. ඔවුන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන එන අවස්ථාවේ දී ද මඟ දෙපස පොලිස් නිලධාරීන් සිටින ස්ථානවලට කෙළ ගසා තිබිණි.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන් කට සෝදා ඈතට විසිරී යන පිරිදි එම වතුර පහතට විදින බවයි. එමෙන් ම එහි දේපළවලට ද හානි කරමින් වෛරී සහගත ලෙස හැසිරෙන බැවින් පල්ලේකැලේ යුද හමුදා කඳවුරේ සහය ලබාගැනීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පැවසීය.

මෙම හැසිරීමට හේතුව එක තැනක හිරවී සිටීමෙන් ඇති වූ මානසික පීඩනය විය හැකි බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

Related articles

Recent articles

error: Content is protected !!