30.5 C
Galle

මාතලේ කොරෝනා අවදානම වැඩි වෙයි

Published:

මාතලේ දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව මාතලේ දිස්ත්‍රික් කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරිමේ කමිටු රැස්විමේද අනාවරණය විය.

මෙම රැස්විම මාතලේ දිස්ත්‍රික් කොවිඩ් 19 වසංගත තත්වය පාලනයට අදාළ කටයුතු සම්බන්ධ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකාරක මේජර් ජනරාල් එස්.යුඑම්.එන් මානගේ ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ රැස්වීමක දී ඒ බව හෙළි විය.

මාතලේ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (05)  වන විට 173   දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය පැය 24 තුළ රෝගින් 21 දෙනෙකු හමුවි තිබිණි.

මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ උකුවෙළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන  අතර එම සංඛ්‍යාව 48 කි.  ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයන් 28ක් ද වාර්තා වි ඇත. රත්තොට කොට්ඨාශයෙන් ආසාදිතයන් 16 දෙනකු වාර්තා වී තිබේ. මාතලේ මහ නගර සභා බල ප්‍රදේශයෙන් 23ක් ද නාඋල කොට්ඨාශයෙන් ආසාදිතයන් 08ක් ද, මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍ර‍දේශයෙන් ආසාදිතයන් 06ක් ද විල්ගමුව කොට්ඨාශයෙන් ආසාදිතයන් 03, පල්ලේපොල කොට්ඨාශයෙන් ආසාදිතයන් 04ක් ද,  දඹුල්ල කොට්ඨාශයෙන් ආසාදිතයන් 09ක් ද,  අඹන්ගගකෝරළයේ කොට්ඨාශයෙන් ආසාදිතයන් 04ක් ද දඹුල්ල නගර සභා සිමාවෙන් ආසාදිතයන් 07ක්  යටවත්ත කොට්ඨාශයෙන් ආසාදිතයන් 13ක්  වශයෙන් වාර්තා වි ඇති බවද මෙහිදි අනාවරණය විය.

මෙම කමිටු රැස්විමේදි අදහස් දැකක්වු ප්‍රාදේශීය වසංගත රෝග ප්‍රධානී වෛද්‍ය ප්‍රභාත් රණසිංහ කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇති ඇඟළුම් කර්මාන්තශාලා, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හා වතු සමාගම් ඇතුලු ජනතාව වැඩි වශයෙන් ජිවත්වන ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කර රෝග ව්‍යාප්තිය වැළැක්විමට පියවර ගත යුතු බවයි.

හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ මාතලේ හිග්ගොල්ල මාවත ප්‍රදේශයේ කොරොනා රෝග ව්‍යාප්තිය වැළැක්විම සදහා එම ජනතාව අනගි සහයක් ලබා දුන් බවත් එය අන් අයටද ආදර්ශයක් බවත්ය.

මෙම කමිටු රැස්විම සදහා මාතලේ දිසාපති කරුණාසිරි පෙරේරා ඇතුලු රාජ්‍ය නිලධාරින් එක්ව සිටියහ.

(මහේෂ් කීර්තිරත්න)

Related articles

Recent articles

error: Content is protected !!