30.5 C
Galle

කොරෝනා ගැන ගාල්ල නගරයේ දැනුම්වත් කිරීමක්

Published:

ගාල්ල මූලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය සහ ගාල්ල කරාපිටියේ ක්වීන්ස්බරි පුද්ගලික රෝහල එක්ව අද (06) කොරෝනා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගාල්ල නගරයේ ක්‍රියාත්මක කරන ලදී.

කොරෝනා වසංගතයෙන් බේරී සිටීම සඳහා පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් සඳහන් ස්ටිකරයක් ගාල්ල නගරයේ පොදු ප්‍රවාහන සේවා බස්රථවල, ත්‍රී රෝද රථවල සහ පුද්ගලික රථවල ද හොඳින් පෙනෙන පරිදි ඇලවීම සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගාල්ල මූලස්ථාන පොලිසි පරීක්ෂක  කපිල සේනාපති ද සිල්වා, ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන්, ක්වීන්ස්බරි පුද්ගලික රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගීත් එස්.විජේබණ්ඩාර ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වී සිටියහ.

(සාහිත ගම්මම්පිළ)

Related articles

Recent articles

error: Content is protected !!