31.1 C
Galle

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

Published:

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 219ක් දක්වා ඉහළ ගොස් තිබේ.

01. දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිටි කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී අද (06) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, වකුගඩු ආසාදනය සහ කොවිඩ් නියුමෝනියාවයි.

02. අලව්ව ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිටි කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු නාරම්මල දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී අද (06) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග උග්‍ර දියවැඩියාව, හෘදයේ අක්‍රීයවීම සහ උග්‍ර ශ්වසන පද්ධතියේ ආසාදනයයි.

Related articles

Recent articles

error: Content is protected !!