31.1 C
Galle

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට කොරෝනා

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ උගුර, කන හා නාසය පිළිබඳ වාට්ටුවේ වෛද්‍යවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (07) තහවුරු වී තිබේ.

මෙම ව්‍යෛවරයාට කොරෝනා රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ම පීසීආර් පරීක්ෂණයක් සිදුකරගෙන ඇත.

රෝහල් ආරංචිමාර්ග පවසන්නේ ‍වෛද්‍යවරයාට රෝහලට පැමිණි රෝගියකුගෙන් කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සැකකරන බවයි. කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයා ජනවාරි 04 සිට උණ, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝග ලක්ෂණ හේතුවෙන් රා්හලට පැමිණ නැත.

මේ වනවිට වාට්ටුවේ කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණවලට ලක්කර ඇති අතර වාට්ටුවෙන් පිටව ගිය රෝගීන්  පිරිසක් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!