31.1 C
Galle

කළුතර පාලම මතට සිරිපා කන්ද පෙනෙන අයුරු

Published:

සියලු ආගමිකයන්ගේ පූජනීයත්වයට පත්වූ ශ්‍රී පාද කන්ද ශ්‍රී ලංකාව වටා ප්‍රදේශ ගණනාවකට හොඳින් දර්ශනය වන කඳු මුදුනක් වීම විශේෂත්වයකි. නැගෙනහිර මුහුදටත්, දකුණු මුහුදු තීරයටත්, බස්නාහිර මුහුදු තීරයටත් පැහැදිලි හිරු එළිය ඇති දිනවල දී හොඳින් දර්ශනය වන ශ්‍රී පාද කන්ද මෙරට උසම කන්ද නොවූව ද එහි පිහිටීම අනුව මෙය හොඳින් දැකිය හැකි වේ.

විශේෂයෙන් ම දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ දී මේ දර්ශනය ඇතැම් දිනවල සොඳුරු දසුනක් මවා පායි. අද කළුතර පාලම මතට ශ්‍රී පාද කන්ද දර්ශනය වූ ආකාරය දැක්වෙන මේ ඡායාරූපය අප උපුටා ගත්තේ ඉන්ද්‍රජිත් කොහොඹන් විසින් ඔහුගේ facebook ගිනුමේ තැබූ සටහනකිනි. එහි දැක්වෙන්නේ මේ දර්ශනය අද (07) උදෑසන 9.40ට තමන් කැමරාවේ සටහන් කරගත් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!