31.1 C
Galle

දකුණේ ආසාදිතයන් 1252 දක්වා ඉහළට

Published:

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1252ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ඊයේ (07) දිනයේ දී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 26 දෙනෙකි. ඔවුන් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 13 දෙනකු, මාතර දිස්ත්‍රික්කයෙන් 12 දෙනකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් අයකු ‍වශයෙනි.

ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දලින් ආසාදිතයන් 05 දෙනෙක්, ඇල්පිටියෙන් ආසාදිතන් 04 දෙනෙක්, කරන්දෙණි‍යෙන් ආසාදිතයන් 03 දෙනෙක් හා බලපිටියෙන් එක් ආසාදිතකු වාර්තා වී ඇත.

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ලෙන් ආසාදිතයන් 11ක් හා මාතර නගර සභා බල ප්‍රදේශයෙන් එක් ආසාදිතයකු ලෙස වාර්තා වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයා හමු වී ඇත්තේ බෙලිඅත්තෙනි.

මීට අමතරව ගාල්ල බන්ධනාගාරයෙන් ද ආසාදිතයන් 05 දෙනකු ඊයේ (07) දිනයේ දී වාර්තා වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!