31.1 C
Galle

ගාල්ලෙන් අද ආසාදිතයන් 24ක්

Published:

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (08) කොරෝනා ආසාදිතයන් 24 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව ගාල්ලෙන් වාර්තාවන සමස්ත ආසාදියන් සංඛ්‍යාව 704ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම ආසාදියන් සංඛ්‍යාව 13 දෙනෙකි. බද්දේගමින් හා කරන්දෙණියෙන් ආසාදිතයන් 04 දෙනකු බැගින් වාර්තාවන අතර ගාල්ල මහ නගර සභාව, අක්මීමණ හා ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ද ආසාදිතයන් 01 අයකු බැගින් වාර්තා වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!