29.7 C
Galle

යාපනය විශ්වවිද්‍යාලයේ නොසන්සුන් තත්ත්වයක්

Published:

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කර තිබූ මුල්ලිවයික්කාල් ස්මාරකය ඉවත්කිරීමට උත්සාහකිරීම හේතුවෙන් ඊයේ (08) රාත්‍රී එම විශ්වවිද්‍යාලයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, දේශපාලන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එලෙස කළහකාරී ලෙස හැසිරුණු බවයි. ඔවුන් පාලනය කිරීමට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවීමට සිදුව ඇත.

යාපනයේ උදයන් වෙබ් අඩවියේ සඳහන් වන්නේ පොලිසිය පැමිණ බැකෝ යන්ත්‍රයක් යොදා මෙම ස්මාරකය ඉවත්කිරීමට උත්සාහ ගැනීමේ දී ඊට සිසුන් එරෙහි වූ බවයි. එසේ වුව ද පොලිසිය සිසුන් පළවාහැර ස්මාරකයන මුළුමනින්ම ඉවත්කර ඇති බව ද එම වෙබ් අඩවිය වාර්තා කරයි.

යුද්ධය නිමා වී දස වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම ස්මාරකයන විශ්වවිද්‍යාල සිසුන් විසින් 2019 වර්ෂයේ දී ඉදිකර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!