31.1 C
Galle

ETI අධ්‍යක්ෂ මණ්ඩලය අද යළි අධිකරණයට

Published:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි ඊයේ (08) අත්අඩංගුවට ගනු ලැබූ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන සිව් දෙනා අද (09) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට (ETI) සහ ස්වර්ණමහල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන මෙම සිව් දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් සටන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් මෙලෙස යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට පෙර ද එම සිව් දෙනා ස්වර්ණමහල් ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහි දී මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔවුන් මුදාහැරියේ පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු පිළිබඳ අධිකරණය සෑහීමකට පත් නොවන බව පවසමින්.

Related articles

Recent articles

error: Content is protected !!