28.2 C
Galle

දඩ ගෙවීමට නොහැකිව සිටි සිරකරුවන්ට නිදහස

Published:

දඩ ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතවී සිටින සියුලම සිරකුරුවන් විශේෂ ජනාධිපිත සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.

මෙම පියවර ගෙන ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි. අද (09) දින සිට එම සිරකරුවන් මුදාහැරෙන අතර ඔවුන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමෙන් අනතුරුව මෙලෙස මුදාහැරීමට නියමිතය.

ආසාදිතයන් නොවන බව තහවුරු කරගන්නා පිරිස් මෙලෙස නිදහස් කර ඒ පිළිබඳ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කරන බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!