28.2 C
Galle

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙකුට ඇමෙරිකාවේ අධිකරණයක නඩු

Published:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකුට එරෙහිව ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ලොස් ඇන්ජලීස් නුවර දිසා අධිකරණයේ චෝදනා ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම චෝදනා ගොනු කර ඇත්තේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන තිදෙනෙකුට එරෙහිවය. 2019 අප්‍රේල් මස 21 වැනි දා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් ඇමෙරිකානු පුරවැසියන් 05 දෙනකු ඇතුළු 268 දෙනෙක් මියගියහ.

එම තිදෙනාම විදේශ ත්‍රස්ත කණ්ඩායම් වෙත සහාය දැක්වීම, අමුද්‍රව්‍ය සැපයීම යන චෝදනා එල්ල කර තිබෙන අතර නව්ෆර් සහ මිල්හාන් දෙදෙනාට ISIS පුහුණුව ලබා ගැනීම සම්බන්ධයෙන් ද වෙන වෙනම චෝදනා ගොනු කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ FBI නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ ද සහාය ඇතිව කරන ලද විමර්ශනවලින් අනතුරුව මෙම චෝදනා ගොනුකර ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!